සාන්ති ආරණ්‍යය ගැන....

සාන්ති වනවාසී ආරණ්‍යය, භික්ෂු, භික්ෂුණීන් සහ ගිහි ජනතාව වෙනුවෙන් වූ බෞද්ධ ජන එකතුවකි.  එය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ කැන්බරා නගර අතර පිහිටි රළු භු විෂමතාවකින් යුත් දකුණු උස්බිම් වල පිහිටි මෝර්ටන් ජාතික උද්‍යානයට යාබදව, උස් කඳු ගැට, දිය ඇලි සහ ගුහා වලින් යුත් අක්කර  150 ක් පමණ විශාල වූ යුකැලිප්ටස් වන ගහණයක පිහිටා ඇත.‍ 

මෙම ආරණ්‍යය සේනාසනය පූජ්‍ය සුජාත හිමියන් විසින් තම ආචාර්යවරයා වූ බටහිර ඕස්ට්‍රේලියාවේ බෝධිඤාණ බෞද්ධ ආරණ්‍යයයේ අධිපති වූ අජාන් බ්‍රහ්මවන්ස හිමියන් සිය ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයාණන් ලෙස සලකා ගෙන පිහිටුවාන ලද්දකි. සාන්ති සේනාසනය ලාභ සඳහා නොවන පුණ්‍යායතනයක් වන චිත්ත භාවනා පදනමට අයත් වූවකි.

නිවන අපේක්ෂාවෙන් වනගත භාවනා සම්ප්‍රදායට අනුව පුහුණුව ලැබීමට කැමති භික්ෂූන් සහ භික්ෂුණීන් වහන්සේලාට අවශ්‍ය නේවාසික සහ අධ්‍යාපන පහසුකම් සලසාදීම මෙම සේනාසනය පිහිටවීමේ මූලික අරමුණ වේ.

සාන්ති වනවාසී ආරණ්‍යයේ පුහුණුව පහත සඳහන් කරුණු අවධාරණය කරයි.

·        බෞද්ධ ප්‍රතිපදාවවේ ප්‍රධාන ම අංගය වූ හුදකලාව භාවනාවට කැපවීම.

·        පරිණත සහ සමඟි සම්පන්න ආධ්‍යාත්මික සමාජයක් ගොඩනැගීමේ ලා ආරාමික විනය, ලද දෙයින් සතුටු වීම සහ චාම්භාවය දියුණු කිරීම.

·        සියළු නිකායනට පොදු වූ පැරණි බෞද්ධ පොතපත පිළිබඳව සන්සන්දනාත්මක සහ ඓතිහාසික පරීක්ෂණය ඇතුළුව විශේෂ අවධාරණයකින් යුතුව බෞද්ධ පොතපත අධ්‍යයනය කිරීම.

ගිහි ජනතාව සාන්ති ආරණ්‍යය සේනාසනය දැක බලා ගැනීම සඳහා පැමිණීමට හෝ වනවාසී ක්‍රමයට අනුව භාවනා කිරීම හෝ අත් දැකීම් ලබා ගැනීම  සඳහා නැවතීමට ද අවකාශ ඇත. මෙම සේනාසනය තුල ගිහි ජනතාව සඳහා විධිමත් භාවනා වැඩ සටහන් නොපවැත්වෙන අතර ජේෂ්ඨ භික්ෂූන් වහන්සේ විසින් ප්‍රදේශය තුල පිහිටි විවිධ මධ්‍යස්ථාන වලදී බුදු දහම සහ භාවනාව පිළිබඳව ඉගැන්වීම මගින් ජනතාවට සේවය කරනු ලැබේ.

යම් අයෙකු භික්ෂූන් සහ භික්ෂුණීන් වහන්සේලා සඳහා දානය සැපයීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා නියමිත වේලාව වන පෙ.. 11.00 ට පෙර ගෙන ඒම මැනවි. දුරකථන අංක (02)4883-6331  අමතා හෝ පහත සඳහන් ඊ මේල් ලිපිනය මගින් අපව කල් තබා ඇමතීමට හැකි නම් අපි එය අගය කොට සලකමු.

santioffice@gmail.com

සාන්ති ආරණ්‍ය සේනාසනය මුළුමනින් ම නඩත්තු වන්නේ ජනතාවගේ සුහද ත්‍යාගශීලිභාවය මතය. ධර්මය මුදල් අභිභවා යන්නකි. එම නිසා අපි ඉගැන්වීම්, පොත් පත් හෝ නවාතැන් පහසුව වෙනුවෙන් මුදල් අය නොකරමු. මෙම සේනාසනය මුළුමනින් ම ජනතා ප්‍රදානයන්ගෙන් ලාභය නොවන පුණ්‍යායතනයකි. දැනට භාවනා කටයුතු සඳහා කූඩාරම් සහ අනෙකුත් පහසුකම් ඉදිකිරීම සිදුවෙමින් පවතින අතර, ඒ සඳහා ඔබගේ සහයෝගය අපට ඉතා අගනේය.

ඔබ සේනාසනය නැරඹීම සඳහා පැමිණීමට කැමති නම් එය අපි අගය කරමු පෙ.. 9:30 සහ 11:00 අතර කාලය එසේ පැමිණීමට වඩා සුදුසු වේ. ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේගේ  සේවය මධ්‍යන්තයේ සිට ප.. 1:00 දක්වා ලබා ගත හැකි වේ.

කිසිදු විශේෂයකින් තොරව ධර්මය ජනතාව වෙත බෙදා දීමෙන් ඔවුන් ඉතා කෘතවේදීව සේනාසනය වෙත අවශ්‍ය භෞතික පහසුකම් සලසා දීමට පෙළඹෙන බව අපගේ විශ්වාශයයි. බුදු දහම අවුරුදු 2500 කට වැඩි කාලයක් තිස්සේ වර්ධනය වූයේ දැනට පවත්නා ගිවිසුම් හා නොයෙකුත් බැදීම්වලට මැදිවූ ආර්ථිකයන්ට ඉතා ආදර්ශමත් විකල්පයක් වූ සුහද පරිත්‍යාගයන් මත පදනම් වූ ආර්ථිකයක් මතය.

ආරණ්‍යගත භික්ෂූන් වහන්සේලා කිසිසේත් ම මුදල් තමන් සතු කොට තබා ගැනීම හෝ වැය කිරීම හෝ නොකරති. කෙසේ වුවද, ආරණ්‍යයක් පවත්වා ගෙන යාම සඳහා මුදල් වල අවශ්‍යතාවය ඉතා පැහැදිලි බැවින්, මහා සංඝයා වහන්සේලාගේ අවශ්‍යතා නිසි පරිදි සැපයීම සඳහා අරමුදලක් පාලනය කිරීමට සංඝයා වහන්සේ විසින් ගිහි පුද්ගලයෙකු පත් කිරීම හෝ සංවිධානයක් පවත්වා ගැනීම බුදුන් වහන්සේ අනු දැන වදාළහ. මේ අනුව සාන්ති ආරණ්‍ය සේනාසනය තම අරමුදල් පාලනය සඳහා චිත්ත භාවනා නමැති ලාභ සඳහා නොවන පුණ්‍යායතනයක් පිහිටුවා ගෙන ඇත.

මුදල් පරිත්‍යාගයන් චෙක්පත් මගින් Santi Forest Monastery Inc.” හෝ කෙළින්ම අපගේ බැංකු ගිණුමට බැර පිනිස එවිය යුතුය. ඔබගේ චෙක්පත්, ඕස්ට්‍රේලියානු ආදායම් බද්දෙන් නිදහස්, අපගේ ගොඩනැගිලි අරමුදලට බැර කළ යුතුනම් ඒ බව සඳහන් කරන්න. මේ පිළිබඳ වැඩි විස්තර මෙම වෙබ් අඩවියේ සඳහන්වේ.

සටහන : කරුණාකර සංඝයා වහන්සේලාගේ පෞද්ගලික නමට චෙක්පත් නොලියන්න.

මූල්‍යයම පරිත්‍යාගයන් හැරුණු විට ආරණ්‍ය සේනාසනය වෙත ජනතාවට වෙනත් ක්‍රමවලින් ආධාර කළ හැකිය.

 

පළමුව, මහා සංඝයා වහන්සේලාගේ පෞද්ගලික අවශ්‍යතාවන් සඳහා වන මූලික පිරිකර සිවුරු (චීවර), ආහාර (පිණ්ඩපාත), වාසස්ථාන (සේනාසනය) සහ බෙහෙත් ද්‍රව්‍ය පූජා කළ හැකිය. බෞද්ධ භික්ෂූන් සහ භික්ෂුණීන් වහන්සේලා ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම, පිසීම හෝ ගබඩා කිරීම නොකරන අතර, ඒ අනුව, දිනපතා දානය පූජා කිරීමෙන් ඉතා ක්ෂණිකව සහ තෘප්තිමත් ලෙස දානමය පුරුද්ද ඇතිකර ගැනීමට හැකිවේ. තව ද, දිනපතා ම මහා සංඝයා වහන්සේලා සමග සාකච්චා කිරීමට ද ජනතාවව උනන්දු කරවනු ලැබේ. අමතරව වියළි ආහාර ද්‍රව්‍ය ද පිරිනැමිය හැකිය.

ඔබට කිසියම් නියමිත දිනයක දානය පිරිනැමීමට කැමැත්තේ නම් කල්තබා ආරණ්‍ය සේනාසනයට දන්වන්න.

දෙවනුව, ආරණ්‍යයේ විවිධ කටයුතුවල යෙදීමෙන් ජනතාවට සේවය කිරීමට අවස්ථාව ලබා දී ඇත. ඉතා උනන්දුවෙන් ස්වේච්චාවෙන් සහභාගි වීමට කැමති අයගේ සේවය නිතර අවශ්‍ය වන බොහෝ වැඩ කටයුතු සේනාසනයෙහි ඇත. කම්කරු සේවාවන හි සිට විශේඥ උපදේශක සේවා දක්වා මෙම කටයුතු විවිධ වේ. ඔබට මෙම කටයුතු සඳහා හැකියාව සහ උනන්දුව ඇති නම් කරුණාකර ආරණ්‍ය සේනාසනයට දන්වන්න.

 

 

සාන්ති ආරණ්‍යයේහි ආගන්තුක නේවාසිකත්වය

සාන්ති වනවාසී ආරණ්‍යයේහි, තාවකාලිකව ආරණ්‍යගතව භාවනා කිරීමට අවශ්‍ය අයට නවාතැන් පහසුකම් සලසා තිබේ. ආරණ්‍යය අවට පවතින ස්වභාවික පරිසරය නිදහසේ ධාර්මිකව කාලය ගත කරමින්, මානසික සුවයක් ලබා ගැනීමට ඉමහත් රුකුලක්වේ.

ආරණ්‍යයේහි වාසය කරන සියලු දෙනාවම උදෑසන අවදිවීමට, නිතර භාවනා කිරීමට සහ මානසික සුවය ලබා ගැනීමට දිරිගන්වමු. පෙර භාවනා කිරීමේ හැකියාව සහ පුරුද්ද ආරණ්‍යයේහි නැවතී සිටීමට ඉමහත් පිටුවහලක් වේ. ආරණ්‍යයේහි සතියකට දෙවරක් ධර්මය ඉගැන්වීම සිදු කරණු ලැබේ. ඔබට සුජාත ස්වාමීන්වහන්සේ සමග හෝ අනෙකුත් ස්වාමීන්වහන්සේලා සමග හෝ සාකච්චා කිරීමට අවශ්‍ය නම් ඒ බව උදෑසන දාන වේලාවේදී හෝ දහවල් දාන වේලාවේදී හෝ පවසන්න.

 

 

දෛනික වැඩ සටහන

 

සාන්ති වනවාසී ආරණ්‍යයේහි දෛනික වැඩ සටහන ඉතාම සරලවේ.

 

උදෑසන

 

04:00 – 06:30

පෞද්ගලික භාවනාව

06:30 – 07:30

හීල් දානය

07:00 – 07:30

උදෑසන පිරිසිඳු කිරීම

07:30 – 11:00

ධර්ම වැඩමළු  සහ දිවා ආහාර පිළියෙල කිරීම

11:00 – 01:00

දහවල් දානය සහ පිරිසිඳු කිරීම

දහවල් 01:00 සිට

පෞද්ගලික භාවනාව

සවස06:00 – 07:00

තේ පැන් (අවශ්‍යනම් පමණි)

 

 

බදාදා රාත්‍රී සුපුරුදු ධර්ම දේශනාව ප්‍රධාන ගල්ලෙන ඇතුලේ පැවැත්වේ. ඇවිදීමට අපහසු කමක් ඇති අය  සඳහා ප්‍රවාහණ පහසුකම් සකස් කර ඇත. වාහණය සවස 06:45 ට ප්‍රධාන දොරටුව අසලින් පිටත්වේ.

අඟහරුවාදා සවස සූත්‍ර දේශනා පැවැත්වේ. සෙනසුරාදා සවස පිරිත් සහ භාවනා වැඩ සටහන් ප්‍රධාන ගල්ලෙනේ පැවැත්වේ.

සමහර දිනවල සර්වරාත්‍රික භාවනා වැඩ සටහන් ද උදෑසන පිරිත් දේශනාවන් ද පැවැත්වේ.

සියළුම ආගන්තුකයන් ආරණ්‍යය ඇතුලත අට සිල් පිළිපැදිය යුතුය.

ජනතාවගේ නොමසුරු සහ කාරුණික ආධාර ලැබෙන තාක්කල් ආරණ්‍යයේ ඉඳුම් හිටුම් නොමිලයේ සපයනු ලැබේ. 

කරුණාකර ආගන්තුක දත්ත පෝරමය පුරවා ආරණ්‍යයට විද්‍යූත් ලිපිනයෙන් හෝ තැපෑලයෙන් හෝ එවන්න.

 

 

පරිඝණක මාර්ග ගතව ආධාර කිරීම

 

පරිඝණක මාර්ග ගතව ආධාර කිරීම සඳහා පහත පින්තූරය ‘ක්ලික්’ කරන්න.

එක් ආධාරයක් හෝ මාසික ආධාරයක් ඔබට තෝරා ගත හැක.

මෙම වෙබ් අඩවිය ඉංග්‍රීසියෙන් සඳහන්වන පරිඝණක මාර්ග ගත ආධාර සපයන්නා වෙත ඔබ රැගෙන යයි.